වූහාන් සිසුන් මුදවා ගැනීම දායක වූ පිරිසට ජනපතිගෙන් පැසසුම්

ජනාධිපතිතුමා සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ වූහාන් වල සිරවී සිටි සිසුන් බේරා ගැනීමට සඳහා ඉදිරිපත් වූ සියලු දෙනාට ස්තුතිය පළ කර තිබෙනවා
"වුහාන් සිට සිය සිසුන් සිය රටට ගෙන්වාගත් සිව් වන රාජ්‍ය ලෙස ශ්‍රී ලාංකීය සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට පූර්ණ සහය දැක්වූ චීන රජයටත් ,විශාල අවදානමක් ගෙන මෙම කර්තව්‍යයට ඉදිරිපත්වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයටත් , පැය 72 ඇතුළත
ඔවුන්ට නේවාසික පහසුකම් සූදානම් කළ ශ්‍රී ලංකා යුද හමුදාවටත් ,වෛද්‍ය සේවා සැපයූ ගුවන් හමුදාවටත් සහ මේ සියල්ල සම්බන්ධීකරණය කළ අදාළ අමාත්‍යවරු ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්ටත් මෙරට ජනතාව වෙනුවෙන් මා ප්‍රණාමය පුද කරනවා "
1448 Views
Comments