කෙටි කලෙකින් සියලුම සියල්ල ඉටු කිරීමට ඔවුන් විශ්වකර්මයින් නොවෙයි

නව ආණ්ඩුවක් සහ නව ජනාධිපතිවරයකු පත්වුව ද සියල්ල ඉටු කිරීමට ඔවුන් විශ්වකර්මයින් නොවන බව මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.
එහෙයින් ජනතාව මේ සියල්ල දෙස මනා අවධානයෙන් යුතුව බලා සිටිය යුතු බවයි එහිමි සඳහන් කළේ.
"ආණ්ඩුවක් බලයට පත්වුණාට අලුතින්, අලුත් ජනාධිපති කෙනෙක් පත්වුණාට ඔවුන් විශ්වකර්මයෝ නෙවෙයි මේ හැම වැඩේම කරන්න. ඒ නිසා ජනතාවක් හැටියට අපි අවදියෙන් ඉන්න ඕනෙ මොනවද මේ වෙන්නෙ කියලා බලාගෙන.
මොකද හේතුව, සතුරාට වැදගත් තමන්ගෙ වැඩපිළිවෙල මොකද්ද කියන එක විතරයි. තමන්ගෙ වැඩපිළිවෙල සාර්ථක වෙනවා නම් ඔවුන් ඕනෑම ආණ්ඩුවක් එක්ක හිටගන්නවා.
මේ ව්‍යසනයෙන් රට මුදවා ගැනීමට මහා සංඝරත්නය පෙරමුණ ගත්තත් එහිලා මාධ්‍ය ක්ෂේත්‍රය, දේශපාලන ක්ෂේත්‍රය පෙරමුණ ගත යුතුයි. එහෙම නැත්නම් මෙව්වා හරහා අපි ඒ අපේක්ෂා කරන අපෙ මේ සුන්දර දිවයිනේ තියෙන වටිනාම, වැදගත්ම ලක්ෂණය අපෙන් ගිළිහී යන්නට පුළුවන්කම තියෙනවා" යැයි එහිමි ප්‍රකාශ කළේය.
මැදගොඩ අභයතිස්ස හිමි මේ බව පැවසුවේ ඊයේ (25) දෙහිවල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.
701 Views
Comments