උඩරට දුම්රිය ගමනාගමනයට බාධා

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලිපැනීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය නානුඔය සහ අඹේවෙල දුම්රිය ස්ථාන දෙක අතර 130 සැතපුම් කණුව අසළදී අද (26) උදෑසන 10.15ට පමණ දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන බොගියක් (පෙට්ටියක් ) පීලි පැන ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
පීලිපැනීමට ලක් වූ දුම්රියේ මගී ප්‍රවාහන මැදිරියක් ද තිබූ බවත් මේ හේතුවෙන්, බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන් සහ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය දුම්රියවල මගීන් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පීලි පැන ඇති ස්ථානය දක්වා ධාවනය කර එම මගීන් දුම්රියන් දෙකට මාරු කර ධාවනය කිරීමට කටයුතු කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි
628 Views
Comments