ජෙලට්නයිට් කූරු සමග රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට

මන්නාරම සිට කොළඹ බලා ධාවනය කළ පෞද්ගලික බස් රථයකින් ජෙලට්නයිට් කූරු 51 ක් ප්‍රවාහනය කළ එම බස් රථයේ රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට ගත් බව වව්නියාව සෙට්ටිකුලම පොලීසිය පවසයි.
වව්නියාව නේරියකුලම සෝදිසි කිරීමේ මාර්ග බාධකයේ දී බස් රථයක් පරීක්ෂා කිරීමේදී බෑගයක සඟවා තිබූ ජෙලට්නයිට් කූරු සොයාගෙන තිබෙනවා.
බස් රථය ධාවනය කළ රියදුරු හා කොන්දොස්තරවරයා එලෙස අත්අඩංගුවට ගත් අතර, අනවසරයෙන් මසුන් අල්ලන ධීවරයින් වෙත මෙම ජෙලට්නයිට් කූරු ලබාදීමට රැගෙන ගොස් ඇති බව සැකකරන බවට ආරක්ෂක අංශ සදහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා බස් රථය වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයටඉදිරිපත් කිරීමට නියමිතයි.
624 Views
Comments