ශ්‍රී ලංකාවට නව ඇමරිකානු තානාපතිවරියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
16

ශ්‍රී ලංකාවට නව ඇමරිකානු තානාපතිවරියක්

ශ්‍රී ලංකාවට නව ඇමරිකානු තානාපතිවරියක්

මෙරට නව ඇමරිකානු තානාපතිවරිය ලෙස ජූලි ජියූන් චන්ග් මහත්මිය පත් කිරීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිර්දේශ කර තිබෙනවා. දකුණු කොරියානු ජාතික කාන්තාවක් වන ජූලි චන්ග් මේ වනවිට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන සහකාර ලේකම්වරිය ලෙස කටයුතු කරනවා.

 

මීට අමතරව ඇය තායිලන්තය, ඉරාකය, ජපානය, චීනය සහ වියට්නාමය වැනි රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා ලෙස කටයුතු කර තිබෙන බවද වාර්තා වනවා.

 

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය සඳහන් කළේ ජනාධිපති ජෝ බයිඩන් ලෝකයේ රටවල් වල එක්සත් ජනපදය නියෝජනය කිරීම සඳහා තානාපතිවරුන් ලෙස විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සාමාජිකයන් 4 දෙනෙකු නම් කර ඇති බවයි. ජූලි චන්ග් හට කොරියානු, ජපන්, ස්පාඤ්ඤ සහ කාම්බෝජයේ කෙමර් යන භාෂාවන්ද හැසිරවීමට හැකියි.

views

924 Views

Comments

arrow-up