තවත් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවයි

වවුනියාව විශ්ව විද්‍යාලය නමින් නව විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම නව විශ්වවිද්‍යාලය එළැඹෙන අගෝස්තු මස 1වනදා සිට ක්‍රියාත්මක වන අතර දැනට පවතින යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියා මණ්ඩපය ජූලි 31 වන දා සිට අවලංගු කෙරේ.
නව විශ්ව විද්‍යාලය ගිණුම්කරණය හා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම, ව්‍යාපෘති කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, ව්‍යාපාර ආර්ථික විද්‍යාව හා කළමනාකරණය යන අංශයන්ගෙන් සමන්විත වේ.
834 Views
Comments