ෆයිසර් මාත්‍රා මිලියන 5 ක් - සයිනොෆාම් මාත්‍රා මිලියන 2 ක් ලැබෙන දින මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
02

ෆයිසර් මාත්‍රා මිලියන 5 ක් - සයිනොෆාම් මාත්‍රා මිලියන 2 ක් ලැබෙන දින මෙන්න

ෆයිසර් මාත්‍රා මිලියන 5 ක් - සයිනොෆාම් මාත්‍රා මිලියන 2 ක් ලැබෙන දින මෙන්න

කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා ඇමරිකාව විසින් නිෂ්පාදනය කරන ලද ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5ක් මේ වසරේ මෙරටට ආනයනය කිරීමට සූදානම්ව පවතින බව වාර්තා වනවා.

 

ඒ අනුව එහි මුල් කොටස වශයෙන් මේ වසරේ ජූලි මාසයේ දී එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් මෙරට ලැබීමට නියමිත බව චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. ඊට අමතරව චීනය විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් මිලියන 2ක්ද මේ මාසයේ මුල් සති දෙක තුළ මෙරටට ලැබීමට නියමිත බව චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

 

ඒ අනුව මාත්‍රා මිලියන දෙකක් අතුරින් පළමු මාත්‍රා ලක්ෂ 10 ජුනි මස 6 වනදාද ඉතිරි මාත්‍රා ලක්ෂ 10 ජුනි මස 9 වනදා ද ලංකාවට ලැබීමට නියමිතයි. මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් එන්නතේ තනි මාත්‍රාවක් පමණක් ලබාදීම ප්‍රමාණවත් ද යන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා.

 

අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ලබා දෙන පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව එහි ප්‍රතිදේහ මාස 06ක කාලයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇති බවයි.

 

ස්පුටිනික් එන්නත එන්නත් කරන ලද මෙරට පුද්ගලයින්ගේ රුධිර සාම්පල ලබාගෙන පුද්ගලයන්ගේ ප්‍රතිදේහය සහ ප්‍රතිශක්තිය වර්ධනය වන ආකාරය මේ වන විට පර්යේෂණ කරමින් පවතින බව ආසාත්මික ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා.

 

ඒ අනුව අද සිට රුධිර සාම්පල එක්රැස් කිරීම ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කළා. කෙසේ නමුත් ස්පුට්නික් එන්නත ලියාපදිංචි කර ඇත්තේ එහි මාත්‍රා දෙකක් ලබා දීම සඳහායි.

views

898 Views

Comments

arrow-up