වරාය වෘත්තීය සමිති හෙට සිට අකුරට වැඩ අරඹයි

හෙට දිනයේ සිට අකුරට වැඩ වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වීමට වරාය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
නැගෙනහිර වරාය පර්යන්තය සියයට සියක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාවලිය අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදී වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මේ බව ප්‍රකාශ කර සිටියා.
"මේක රජය රකින්න කරන එකක් නෙමෙයි. මේක රට රකින එකක්. හෙට දිනයේ 12 ට බරපතළ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා. මේ වැඩපිලිවෙල ආණ්ඩු විරෝධී කැරැල්ලක් බවට පත් කරන්න එපා."
මේ අතර ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ජනතා පෙත්සමක්ද අත්සන් කිරීම ඊයේ ගල්ලෙන් ආරම්භ වුණා. නැගෙනහිර පර්යන්තය කිසිදු කොටසක් ආයෝජකයින්ට නොදෙන බවට ජනාධිපතිවරයා වහාම රටට ප්‍රතිඥා දිය යුතු බවටයි මෙම ජනතා පෙත්සම අත්සන් තැබෙන්නේ.
691 Views
Comments