බොරැල්ල - සහස්පුරදී පොලිසියට ප්‍රහාරයක්

හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී බොරැල්ල - සහස්පුර ප්‍රදේශයේදී සිදුවූ පහරදීමකින් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
පොලීසිය පැවසුවේ තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ බොරැල්ල පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙක්.
අද(06) උදෑසන කාලයේදී හෙරොයින් ජාවාරමේ නිරත පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මොහු ඇතුළු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සහස්පුර ප්‍රදේශයට පැමිණ ඇති අතර, මෙම පහරදීම සිදුව ඇත්තේ එම අවස්ථාවේදීයි.
එහිදී සැකකරුගේ ඥාතීන් ඇතුළු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරී ඇත.
කෙසේ වෙතත් අදාළ සැකකරු හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 250ක් සමඟ පොලීස් අත්අඩංගුවට පත්ව ඇත.
2131 Views
Comments