බ්‍රැන්ඩික්ස් සේවිකාවන්ට ඩිස්පැන්සරියේදී ප්‍රතිකාර දුන් ගම්පහ රෝහලේ වෛද්‍යවරයාට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
07

බ්‍රැන්ඩික්ස් සේවිකාවන්ට ඩිස්පැන්සරියේදී ප්‍රතිකාර දුන් ගම්පහ රෝහලේ වෛද්‍යවරයාට කොරෝනා

 බ්‍රැන්ඩික්ස් සේවිකාවන්ට ඩිස්පැන්සරියේදී ප්‍රතිකාර දුන් ගම්පහ රෝහලේ වෛද්‍යවරයාට කොරෝනා

මිනුවන්ගොඩ, යකහටුව ප්‍රදේශයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇගලුම් කම්හලේ සේවය කරමින් සිටියදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ සේවිකාවන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර ලබා දුන් ගම්පහ දිස්ත්‍රික්ක මහ රෝහලේ වෛද්‍යවරයකුට ද වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහුව IDH රෝහලට ඇතුලත් කළ බව ගම්පහ මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රියන්ත ඉලේපෙරුම ප්‍රකාශ කර සිටිනවා.

 

ගම්පහ දිස්ත්‍රික්ක මහ රෝහලේ ළමා රෝගි අශංයේ සේවය කරන එම වෛද්‍යවරයා ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ පවත්වාගෙන යන පුද්ගලික
වෛද්‍ය මධ්‍යස්ථානයෙදී ඇගලුම් කම්හලේ සේවය කරන සේවිකාවන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව මෙලෙස වෛරසයට ගොදුරුවී ඇති බව තහවුරුවී තිබෙනවා.

 

ඒ අනුව මෙම වෛද්‍යවරයා ගම්පහ රෝහලේ සිට IDH රෝහලට මාරු කොට යවා ඇති බවයි ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

views

839 Views

Comments

arrow-up