හිටපු ඇමති නිමල් සිරිපාලට එරෙහිව පැමිණිල්ලක්

හිටපු වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට එරෙහිව පුද්ගලයෙක් විසින් ඊයේ(31) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ ජපාන සමාගමකින් රුපියල් මිලියන 200ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමිනුයි.
පැමිණිලිකාර එස්.එම්.නිසාර් මව්ලානා ඔහුගේ නීතිඥ සේනක පෙරේරා ගේ අනුදැනුම යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමිනුයි.
මෙම චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට කමිටුවක් පත්කරන ලෙස පසුගිය දිනකදී හිටපු ඇමතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව එතුමා විසින් විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ කුසලා සරෝජිනී වීරවර්ධන ගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට කටයුතු කළා.
කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම විමර්ශනය හමාර කිරීමෙන් අනතුරුව එහි පරීක්ෂණ වාර්තාව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ කුසලා සරෝජිනී වීරවර්ධන විසින් ඊයේ(31) ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත භාර දුන්නා.
251 Views
Comments