කිව්. ආර්. කේතයට ඉන්ධන බෙදීම තවත් කල් යයි

බලශක්ති අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ජාතික ඉන්ධන බලපත්‍රයට අදාල කිව්.ආර්. කේතය ක්‍රියාත්මක කිරීම ලබන අගෝස්තු මස 01 වැනිදා දක්වා කල්දමා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
අගෝස්තු මස 01 වැනිදා සිට කිව්.ආර්. කේතය අනුව පමණක් ඉන්ධන නිකුත් කරන බවත් ජාතික යොවුන් සේනාංක, ජාතික තරුණ සභාවේ සාමාජිකයින් සහ ස්වේච්ඡා සේවකයන් ඉදිරි දින 10 තුළ කිව්.ආර්. කේත ක්‍රමය ඉන්ධන පිරවුම්හල්වල ක්‍රියාත්මක කිරීමට සහයෝගය දක්වන බවත් අමාත්‍යවරයා පැවසීය.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මෙම වැඩසටහන සති කීපයක සිට සමස්ත රටම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බවට අවස්ථා කීපයකදී පැවසුවද මේ දක්වා ක්‍රියාත්මක නොවූ අතර අමාත්‍යවරයා අවසන් වරට පැවසුවේ අද(25) සිට ක්‍රියාත්මක කරන බවයි.
368 Views
Comments