වැලි ලොරියට යටවූ රුසියන් කත අවසන් ගමන් යයි

අහංගම නගරයේදි රුසියානු ජාතික කාන්තාවක් වැලි ලොරියකට යටවී ඊයේ(20) සවස මියගොස් ඇතැයි අහංගම පොලිසිය කියයි.
මාතර සිට ගාල්ල දෙසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි එම කාන්තාව ඉදිරියෙන් ගිය වැලි ලොරියකට වම් පසින් ඉස්සර කිරිමට යාමේදි පාර අයිනේ නවතා තිබුණු ත්‍රිරෝද රථයක ගැටීමෙන් පසු පාරට වැටි ඇති බවත් ඒත් සමඟම ඇය ලොරියට යටවි ඇති බවත් පොලිස පවසයි.
මෙසේ ජීවිතක්‍ෂයට පත්ව ඇති කාන්තාව KIKTEVA INNA 38 හැවිරිදි කාන්තාව බවටත් ඇයගේ රුසියානු ලිපිනය CHELIABINSKAIA OBLAST RUASSIA බවත් ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අනුව හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.
684 Views
Comments