ජාතික රෝහලේ වාට්ටු ලිපිකාරිනියක් කොරෝනාවෙන් මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
20

ජාතික රෝහලේ වාට්ටු ලිපිකාරිනියක් කොරෝනාවෙන් මරුට

ජාතික රෝහලේ වාට්ටු ලිපිකාරිනියක් කොරෝනාවෙන් මරුට

කොළඹ ජාතික රෝහල් කාර්ය මණ්ඩලයේ සේවිකාවක් කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් තිබේ. 

 

එහි වාට්ටු ලිපිකාරිනියක් ලෙස සේවය කළ මතුගම පදිංචි 52 හැවිරිදි දෙදරු මවක්වූ ගීතිකා විජේසූරිය මහත්මිය මෙසේ කොවිඩ් ආසාදනයවීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත.

 

විජේසූරිය මහත්මිය කොරෝනා ආසාදනයවී මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(19) මරණයට පත්වූ අතර එය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වූ පළමු කොවිඩ් ආසාදිත මරණය වේ.

 

ඇය රෝහලේ වාට්ටු ලිපිකාරී සංගමයේ සභාපතිනිය ලෙස කටයුතු කළාය.

 

කොළඹ ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු 324ක පමණ පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර ඒ අතර හෙද හෙදියන් 100ක් පමණ සිටින බවද වාර්තා වේ.

views

827 Views

Comments

arrow-up