වන සතුන්ටත් කොරෝනා බෝකරන මිනිස් නරුමයෝ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
13

වන සතුන්ටත් කොරෝනා බෝකරන මිනිස් නරුමයෝ

වන සතුන්ටත් කොරෝනා බෝකරන මිනිස් නරුමයෝ

මළසිරුරුවලින් ඉවත් කෙරෙන සත්ත්ව අපද්‍රව්‍ය සහ විවිධ කොටස් විශාල ලෙස මින්නේරිය ජාතික වනෝද්‍යානයට මුදාහැරිම හේතුවෙන් වනෝද්‍යානයේ සිටින සතුන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් ඇතිවී තිබෙන බව වනෝද්‍යාන බාරකරුවන් පවසයි.

 

කොවිඩ් රෝගයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතා කරන මුව ආවරණ විශාල වශයෙන් වනෝද්‍යානයේ දෙපස විසිකර දමා ඇති අතර වඳුරන් මෙන්ම රිලවුන්ද ඒවා අතපත ගෑම සිදු කරනු ලබයි. එපමණක් නොව අලි ඇතුන් පවා ඒවා හොඬෙන් ස්පර්ශ කරන අතර එම සතුන්ට ද වෛරසය ආසාදනය විය හැකි බව ප්‍රදේශවාසීහු පවසති.

 

හබරණ කැලෑව මැදින් හබරණ සිට පොලොන්නරුව දෙසට දිවෙන කිලෝමීටර 14ක පමණ දුරකින් යුත් මෙම මාර්ගය දෙපසට නිරන්තරයෙන් සත්ත්ව අපද්‍රව්‍ය සේම මළ සිරුරු එම්බාම් කිරීමේදී ඉවත් කරන විවිධ කොටස් මුදාහැර තිබියදී හමුවූ බව මින්නේරිය ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු භාතිය මඩුගල්ල මහතා පැවසුවේය.

 

මීට මසකට පමණ ඉහතදී මින්නේරිය බටුඔය ප්‍රදේශයට යාබදව ඉස්සන්ගේ ඉවත දමන ලද අපද්‍රව්‍ය ලොරියක පමණ ප්‍රමාණයක් මාර්ගය ආසන්නයේ දමා ගොස් තිබී සොයාගත් බවද ජාතික වනෝද්‍යානයේ නිළධාරියෙක් පවසා සිටියේය.

 

මාළු අපද්‍රව්‍ය සහ ගොවිපල අපද්‍රව්‍ය නිරන්තරයෙන් හබරණ කැලෑ ප්‍රදේශයට බැහැර කරන බවත් එම නිළධාරියා වැඩිදුරටත් කීවේය.

views

903 Views

Comments

arrow-up