කිඹුලා ඇළේ ගුණාගේ මත්ද්‍රව්‍ය ඇල්ලූ STF හදිසි මෙහෙයුම
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
07

කිඹුලා ඇළේ ගුණාගේ මත්ද්‍රව්‍ය ඇල්ලූ STF හදිසි මෙහෙයුම

කිඹුලා ඇළේ ගුණාගේ මත්ද්‍රව්‍ය ඇල්ලූ STF හදිසි මෙහෙයුම

අද (07) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2ක් සමග 23 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

එමෙන්ම ඔහු සතුව තිබී ගංජා වලින් නිපදවන හැෂ් නැමති මත්ද්‍රව්‍ය තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සම්පූර්ණ මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් කෝටි 2.5 කට ආසන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

 

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කිඹුලා ඇළේ ගුණා සහ ඔහුගේ සහෝදරයා විසින් මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

 

මීට අමතරව තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සහ සැකකරුවන් තුන්දෙනෙක් දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති දුම්වැටි ප්‍රමාණය 212 000ක් බවයි වාර්තා වන්නේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එහිදී වයස අවුරුදු 45ත් 47ත් අතර පසුවන සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඔවුන් දෙමටගොඩ සහ වැල්ලම්පිටි යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ.

views

999 Views

Comments

arrow-up