කොරෝනා යැයි සැක තවත් චීන ජාතිකයෙකු කරාපිටිය රෝහලට

මාතර සිට හම්බන්තොට දක්වා ඉදිවන අධිවේගී මාර්ගයේ සේවය කරන චීන ජාතිකයෙකු කොරෝනා බවට සැකකරන රෝගයක් වැළදීම හේතුවෙන් පෙරේදා(14) කරාපිටිය රෝහලේ අංක 36 විශේෂ වාට්ටුවට ඇතුලත් කර ඇති බව වාර්තා වනවා.
මෙම චීන ජාතිකයා සූරියවැව නවදගස්වැව වැඩබිමේ සේවය කරමින් සිටියදි උණ රෝගය වැළඳීම නිසා මෙසේ කරාපිටිය රෝහලේ 36 වාට්ටුවට ඇතුලත් කර තිබෙනවා.
මොහු ඇතුළත් කර ඇත්තේ කොරෝනා වෛරසය වැළඳුන රෝගින් සඳහා වෙන් කරන ලද විශේෂ වාට්ටුව වන අතර චින ජාතිකයාගේ තත්වය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමෙන් පසු අයි.ඩි.එච්.උණ රෝහල වෙත යැවීමට කටයුතු කරන බවද පැවසෙනවා.
682 Views
Comments