මුලතිව් සිලාවත්ත ප‍්‍රදේශයේ පිපිරීමක් - එක් අයෙකුට තුවාල

මුලතිව් සිලාවත්ත ප‍්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
පරණ යකඩ සහ ප්ලාස්ටික් එක්රැස් කරන පුද්ගලයෙකු ළඟ තිබූ මෝටාර් උණ්ඩයක් ඉවත් කිරීමට උත්සාහ දැරීමේදී අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
තුවාල ලැබූ පුද්ගලයා මාන්චෝලේ රෝහලට ඇතුලත් කර තිබෙනවා. තුවාලකරුගේ නිවසේ තිබී තවත් මෝටාර් උණ්ඩ තුනක් සහ පුපුරන ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 4 ක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ පදිංචි සැකකාරියක් සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (09) ඉදිරිපත් කිරීමට නියමිතයි.
724 Views
Comments