පාර්ලිමේන්තු මෙහෙයුමට බැසිල් දිවයිනට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජයග්‍රාහි ලකුණකින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරගකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
පුද්ගලික විදෙස් සංචාරයක නිරතව සිට අද පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේ ඔහු මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු මෙසේ මාධ්‍ය වෙත අදහස් දැක්වීය.
"ජනාධිපතිතුමයි අගමැතිතුමයි කියලා තියෙනවා, මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා.
මොකද රටට අවශ්‍ය වැඩ ටික කරන්න අනිවාර්යයෙන්ම ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලැබෙන්න ඕනේ.
ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනෙකුත් අපේ පක්ෂ සමඟ එකතු වෙලා කටයුතු කරනවා."
1083 Views
Comments