තාරකා ඉබ්බන් 85ක් ළඟ තබා ගෙන සිටි මස් වැද්දෙක් කොටු

නීති විරෝධි ලෙස විදෙස් ගත කිරීම සඳහා තාරකා ඉබ්බන් අසූපස් දෙනෙකු ළඟ තබා ගෙන සිටි සැකකරුවෙකු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
උඩප්පුව පොලීසියට ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එහිදී විශේෂයෙන් සාදන ලද කූඩුවක රඳවා සිටි විවිධ ප්‍රමාණයේ තාරකා ඉබ්බන් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා.
එම සතුන් ආරක්ෂිතව මුදා හැරීම සඳහා පුත්තලම වන ජීවි නිලධරීන්ට බාර දෙන ලෙස ද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
721 Views
Comments