රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත තනතුරෙන් නෙරපයි

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යධූරයෙන් නෙරපා හැර තිබෙනවා.
ඒ ජනාධිපතිවරයාගේ නියෝගයක් මතයි.
පසුගියදා රාජ්‍ය අමාත්‍යවරයා රජයේ ක්‍රියාමාර්ග විවේචනය කරමින් මාධ්‍යයට අදහස් දැක්වීම මෙම ඉවත් කිරීමට හේතුව වී තිබෙනවා.
ඊයේ සවස පැවැති කැබිනට් මණ්ඩල හමුවේදීද ප්‍රේමජයන්ත මහතාගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කර තිබෙණවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ රජයේ අමාත්‍යවරයෙකු ලෙස තනතුරු දරමින් රජයේ ක්‍රියාමාර්ග විවේචනය කිරීම සිදු නොකළ යුතු බවයි.
1644 Views
Comments