හෙට සිට බස් ගාස්තු ඉහළට - පෙරගෙවුම් කාඩ් එකකුත් එයි

ඉන්ධන මිලට සමගාමීව බස් ගාස්තු ඉහළ යාම පිළිබඳව හෙට නිල ප්‍රකාශයක් නිකුත් වීමට නියමිතයි.
බොහෝදුරට එහිදී අවම බස් ගාස්තුව රු.2කින් ඉහළ දමනු ඇතී.
ඒ අනුව දැනට රුපියල් 14ක්ව පවතින අවම ගාස්තුව රුපියල් 16ක් දක්වා ඉහල යනු ඇති.
කෙසේ නමුත් සිකුරාදා දිනයේ බස් සංගම් විසින් ඉදිරිපත් කළ යෝජනාවලියේ අනෙකුත් ගාස්තු ද 15% කින් ඉහල දැමීමට යෝජනා වී තිබුණ ද එම මිල ඉහළ දැමීම 7.5%-10%ත් අතර ප්‍රතිශතයකින් ලබාදීමටයි එකඟතාවයට පත්ව ඇත්තේ.
මීට අමතරව හෙට සිට බස් රථ සඳහා පෙර ගෙවුම් කාඩ්පත හඳුන්වාදී තිබෙනවා.
මෙහි නියමු ව්‍යාපෘතිය ලෙස දෙහිවල සිට බත්තරමුල්ල දක්වා ධාවනය වන බස් රථයක් යොදා ගැනීමට නියමිතයි.
724 Views
Comments