හරක් කටාගේ සුඛෝපභෝගී බස් රථයක් අත්අඩංගුවට

නදුන් චින්තක නොහොත් “හරක් කටා” නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී බස් රථයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මාතර මිද්දෙණීයේදී අද(20) අත්අඩංගුවට ගනු ලැබීය.
එන් බී 9401 දරණ මෙම සුඛෝපභෝගී බස් රථය මාතර - කඩුවෙල අධිවේගී මාර්ගයේ ධාවනයට යොදවා ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදීගෙන ඇති මෙය, හරක් කටා නැමැත්තා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
මේ අතර පාකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරට රැගෙන ආ බවට සැකකෙරෙන මත්කුඩු සමඟ පිස්තෝල අවි පහක් වැලිගම වලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඊයේ(20) අලුයම සොයා ගෙන තිබේ.
චීනයේ නිෂ්පාදිත මෙම පිස්තෝල අවි සමඟ මැගසින් අටක් සහ පතුරම් 10ක් ද එම ස්ථානයේ තිබී පොලීසිය සොයා ගෙන තිබේ.
මෙම ගිනි අවිද “හරක්කටා” නමැත්තාට අයත් බවට පොලීසියට සැකපළ කරයි.
1027 Views
Comments