එල්.ටී.ටී.ඊය ප්‍රතිසංවිධානයට වීඩියෝ දර්ශන බෙදූ තරුණයෙක් අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊය ප්‍රතිසංවිධානය කිරිමේ අරමුණින් යුතුව නිර්මාණය කරන ලද වීඩියෝ කිහිපයක් ඇතුළත් ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ තරුණයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද(20) කිලිනොච්චිය ධර්මපුරම් මුසුරාම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුගේ ජංගම දුරකතනයේ තිබූ එම වීඩියෝ දර්ශන ඔහුගේ හිතවතුන්ට සහ තවත් පුද්ගලයින් විශාල පිරිසකට වට්ස්ඇප් සහ වයිබර් වැනි අන්තර්ජාල මාධ්‍යය ඔස්සේ බෙදා හැර ඇති බවත් මේ සදහා ඔහුට තවත් කිහිපදෙනෙකු සහයෝගය ලබාදී ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව සදහන් වේ.
අදාල ජංගම දුරකතනය වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී “ආවා කල්ලියේ” වීඩියෝ දර්ශන කීහිපයක්ද සොයා ගෙන ඇතැයි පොලීසිය පවසයි.
සැකකරුව කිලිනොච්චිය ධර්මපුරම් පොලීසියට භාර දෙනු ලැබ ඇති අතර රැඳවුම් නියෝග මත පොලීසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරිම් කරනු ලබන බව පොලීසිය කියයි.
769 Views
Comments