සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබූ අවසරය හෙටින් අවසන් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
09

සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබූ අවසරය හෙටින් අවසන් වෙයි

සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබූ අවසරය හෙටින් අවසන් වෙයි

සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ අවසරය හෙටින් අවසන් වන බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි.

 

පවතින සහල් හිඟය මැඩපැවැත්වීම සඳහා සහල් ආනයන කිරීමට රජය විසින් 2025 ජනවාරි මස 10 වැනිදා දක්වා අවසර ලබා දී තිබුණි.

 

ඒ අනුව ඊයේ දහවල් 12 වන විට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ථ සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 115,000 ඉක්මවා ඇති බව වාර්තාවේ.

 

මේ තොගය අතර කැකුලු සහල් ටොන් 45,000 ක් සහ තැම්බූ සහල් ටොන් 70,000 ක් ඇති බව සඳහන් වේ.

views

121 Views

Comments

arrow-up