පාලමේ යකඩ හොර පාරින් එළියට විකිණු සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
06

පාලමේ යකඩ හොර පාරින් එළියට විකිණු සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

පාලමේ යකඩ හොර පාරින් එළියට විකිණු සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවට අයත් ට්‍රක් රථයක සේවකයින් දෙදෙනෙකු පානදුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ් එම සංස්ථාවට අයත් යකඩ තොගයක් නීති විරෝධී ලෙස අලෙවිකිරීමේ චෝදනාව මතය.

 

වැලිපැන්න ප්‍රදේශයේ පාලමක් ඉදිකිරීමට රැගෙනවිත් තිබූ රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවට අයත් යකඩ තොගයක් එම පාලමෙහි ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන් යළි කොළඹ මූලස්ථානයට රැගෙන එන අතරතුර එහි සේවකයින් දෙදෙනෙකු එම යකඩ නීති විරෝධි ලෙස අලෙවිකර ඇත.

 

මේ සම්බන්ධයෙන් පානදුර උතුර පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී යකඩ අලෙවිකරමින් සිටි රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවට අයත් ට්‍රක් රථයේ රියදුරන් දෙදෙනා අත් අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

 

ගොරකපොළ ප්‍රදේශයේ පැරණි යකඩ මිලදී ගන්නා මධ්‍යස්ථානයකට එම යකඩ අලෙවිකර තිබූ අතර එහිදී යකඩ කිලෝ 1,083ක් සමඟ සේවකයින් දෙදෙනා සහ යකඩ මිලට ගත් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.

views

123 Views

Comments

arrow-up