රන් මිල පහළට

ලෝක වෙළෙඳ පොළේ රන්මිල 21 වැනි සඳුදා සමග සංසන්දනය කිරීමේ දී පෙරේදා (23දා) වන විට අවුන්සයක රන් මිල ඇමෙරිකානු ඩොලර් 66 කින් පහත වැටී ඇත.
21 වැනි සඳුදා ලෝක වෙළෙඳ පොළේ රන් අවුන්සයක (31.1034768 ග්රැම්) මිල සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර්1953 ක් ලෙස වන අතර , එදින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව රන් අවුන්සයක Gold Rate එක සඳහන් වුයේ රුපියල් 362202.4838 ලෙසය.
22 වැනි දා ලෝක වෙළෙඳ පොළේ රන් අවුන්සයක මිල සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 1915ක් ලෙස වන අතර, එදින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාව අනුව රන් අවුන්සයක Gold Rate එක සඳහන් වූයේ රුපියල් 354121.8279 ලෙස ය.
පෙරේදා දින (23) ලෝක වෙළෙඳ පොළේ රන් අවුන්සයක මිල සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 1887 ක් ලෙස වන අතර, අද දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව රන් අවුන්සයක Gold Rate එක සඳහන් වූයේ රුපියල් 352531.2521 ලෙස ය.
ඒ අනුව 21 වැනි දින සමග සංසන්දනය කිරීමේ දී 23 දා දිනය වන විට රන් අවුන්සයක (31.1034768 ග්රැම්) මිල ඇමෙරිකානු ඩොලර් 66 කින් අඩු වී ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව රන් අවුන්සයක (31.1034768 ග්රැම්) මිල රුපියල් 9671.2317 කින් අඩු වී ඇත. කොළඹ රන් වෙළෙඳ පොළේ රන් අවුන්සයක(31.1034768 ග්රැම්) මිල රුපියල් 7775.869 කින් අඩු වී ඇත.
4366 Views
Comments