පුටින්ගේ තර්ජනවලට අපි බය නෑ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
02

පුටින්ගේ තර්ජනවලට අපි බය නෑ

පුටින්ගේ තර්ජනවලට අපි බය නෑ

 

ඇමෙරිකාව ඇතුළු රටවල් රුසියාවට පහර දුන්නොත්, රුසියාව එම රටවල සෑම අස්සක් මුල්ලක්ම ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල කරනවා යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කළ ප්‍රකාශය ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ උදහසට ලක් වී ඇත.

 

බයිඩන් ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ රුසියන් ජනාධිපතිවරයාගේ තර්ජනවලට තමන් බියක් නොදක්වන බවය.

 

‘ඇමෙරිකාව ඕනෑම වෙලාවක රුසියාව සමග හැප්පෙන්න සූදානමින් ඉන්නවා. නේටෝ සංවිධානයේ සෑම සාමාජික රටක්ම රුසියාව සමග හැප්පෙන්න සීරුවෙන් ඉන්නවා. අපි බය නැහැ’ යැයි ජනාධිපති බයිඩන් පැහැදිලි කර තිබේ.

views

196 Views

Comments

arrow-up