වෙසක් පෝයට කුස්සියේ කසිප්පු පෙරූ 4ක් අත්අඩංගුවට

වෙසක් පොහොය දිනයේ නිවසක මුළුතැන්ගෙයි කසිප්පු පෙරූ සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට ගිනිගත්හෙන පොලිසිය සමත් විය.
අඹගමුව ප්‍රදේශයේ නිවසක මෙම නීති විරෝධී මත්පැන් ජාවාරම සිදුවන බවට ලද තොරතුරකට අනුව පොලිසිය විසින් මෙම වැටලීම කර ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී නීති විරෝධී මත්පැන් පෙරීමට භාවිතා කල ගෑස් සිලින්ඩරයක් ඇතුළු උපකරණ කිහිපයක් පොලිසිය බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව ගෝඩා මිලි ලීටර 40,000ක් පමණ තිබූ බවට සඳහන්.
පොලිසිය භාරයට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
811 Views
Comments