කොරෝනා ආසාදිත ලමුන් 1000ක් - අවුරැදු 12ට වැඩි අයටත් එන්නත දෙන්න

මේ වනවිට වාර්තා වී ඇති කෝවිඩ් ආසාදිතයින් අතර 1000කට වැඩි සංඛ්‍යාවක් වයස අවුරුදු 18 ට අඩු දරුවන් ලෙස වාර්තා වේ. එයින් පස්දෙනකු වෛරස ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී තිබේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ද කෝවිඩ් එන්නත් ලබාදීම වැදගත්බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඉදිරියේදී මෙම වෛරසය දරුවන් අතර ඉතා ශීඝ්‍රයෙන් පැතිරී යා හැකි බව ද ඒ මහතා සඳහන් කළා.
source: adaderana
784 Views
Comments