මානව හිමිකම් බෝඩ් ගසාගෙන කුඩු විකුණූ 03 ක් දැලේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
21

මානව හිමිකම් බෝඩ් ගසාගෙන කුඩු විකුණූ 03 ක් දැලේ

මානව හිමිකම් බෝඩ් ගසාගෙන කුඩු විකුණූ 03 ක් දැලේ

කොළඹ සිට කල්මුණේ දක්වා වෑන් රථයක් මගින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඊයේ රාත්‍රියේ දී සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමේදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 100 කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් සමත්ව තිබුණා.

 

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් පවසා ඇත්තේ ඔවුන් මානව හිමිකම් සංවිධානයක නියෝජිතයන් බවයි. පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබී තිබූ තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ අතර එහිදී වෑන් රථයේ සඟවා තිබී රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් වුණා. එම සැකකරුවන් මඩකලපුව සහ කල්මුණේ ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය කරගෙන තිබෙනවා.

views

969 Views

Comments

arrow-up