සිර දඬුවමට ලක්වූ ශෂී වීරවංශගෙන් අභියාචනයක්

අවිධිමත් රාජ්‍යත්‍රාන්තික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට අදාළ ශෂී වීරවංශට එරෙහි නඩු දෙකක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය අද (මැයි 27) ලබා දුන් නියෝගයට එරෙහිව විත්තිකාරිය අභියාචනා දැන්වීමක් ඉදිරිපත් කළාය.
ඒ අනුව, ඒ පිළිබඳව සලකා බැලීම සඳහා එම අභියාචනා දැන්වීම මැයි 30 වන දින කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියම කළේය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කළ බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක බරපතළ වැඩ සිර දඬුවම් නියම කිරීමට පූර්වගාමී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (මැයි 27) නියෝග කළේය.
එසේ ම, රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එම දඩය නොගෙවන්නේ නම් මාස හයක සිර දඬුවම් නියම කළේය.
රාජ්‍ය නිලධාරීන් දේශපාලන බලය මත අයුතු ලෙස කටයුතු කර ඇති බවට සඳහන් කරමින් මෙම තීන්දුවේ පිටපතක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙතට යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.
අංක 74 – J. මංගල මාවත, හෝකන්දර පදිංචි රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති හෙවත් ශෂී වීරවංශ මහත්මියට මේ ලෙස අධිකරණය මගින් දඬුවම් නියම විය.
අවිධිමත් රාජ්‍ය ත්‍රාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට අදාළ ශෂී වීරවංශට එරෙහි නඩු දෙකක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
අද දින මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාරිය පෙනී සිටි අතර විත්තියේ සහ පැමිණීමේ සාක්ෂි වසර හතක් පුරා විභාග වීමෙන් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් විය.
අංක 233/16, රත්නායක මාවත, දකුණු තලංගම, බත්තරමුල්ල ලිපිනයේ පදිංචි චමින්ද පෙරේරා නැමැති අය විසින් 2015 වසරේ ජනවාරි මස 23 වන දින මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර තිබිණි.
වර්ෂ 2010ක් වූ සැප්තැම්බර් මස 13 වන දින සහ 2015 පෙබරවාරි මස 26 අතර කාලය තුළදී අධිකරණ බලසීමාවේ පිහිටි කොළඹදී චූදිත විසින් අංක ඩී 3642817 දරන අවිධිමත් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය නීත්‍යානුකූල බලයක් නොමැතිව තම සන්තකයේ තබා ගැනීමෙන් 1993 අංක 16, 1998 අංක 42 සහ 2006 අංක 31 දරන (සංශෝධීත) පනත්වලින් සංශෝධිත 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 45 (1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් චූදිතයාට එරෙහිව එලෙස ඉකුත් 2015 වසරේ මෙම නඩු දෙක ගොනු කරනු ලැබීය.
1351 Views
Comments