MAY
20
ඉන්දියාවෙන් හිමිවන ආධාරවල පළමු තොගය 22 වනදා දිවයිනට

ඉන්දියාවෙන් මෙරටට හිමිවන රුපියල් බිලියන 2කට වඩා වටිනා මානුෂීය ප්‍රදාන ආධාරයක පළමු තොගය ලබන 22 වනදා පැමිණීමට නියමිතව තිබෙනවා.
පළමු තොගය සහල් මෙට්‍රික් ටොන් 9,000ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 50ක්, ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මෙට්‍රික් ටොන් 25 කට වැඩි ප්‍රමාණයකින් සමන්විත වන බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.
1037 Views
Comments