මිලියන 13 ක් වටිනා කුෂ් සහ මත්පෙති හසු වෙයි

විදෙස් රටවල සිට පාර්සල් කිහිපයක සඟවා මෙරටට එවා තිබූ මත්පෙති තොගයක් සහ කුෂ් නැමැති ගංජා තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළදී සිය භාරයට ගෙන තිබෙන අතර අනාවරණය වී ඇත්තේ එම මත්ද්‍රව්‍ය ජර්මනිය, එංගලන්තය, කැනඩාව හා ස්පාඤ්ඤයේ සිට කොළඹ, පානදුර, බොරලැස්ගමුව, පාදුක්ක හා පිළියන්දල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් වෙත එවා ඇති බවය.
ඒවා ව්‍යාජ ලිපිනයන් බව පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. මත්පෙති 207 ක්, කුෂ් නැමැති ගංජා ග්‍රෑම් 750 ක් එම පාර්සල් තුළ සඟවා තිබී සොයාගෙන ඇත. වෙළෙඳපොළ වටිනාකම මිලියන 13 කට ආසන්න මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා ලද බව තහවුරු කරන ලදී. මෙම මත්ද්‍රව්‍ය සහ මත්පෙති වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.
215 Views
Comments