අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළට

කොළඹ කොටුව තොග වෙළෙඳ පොළේ පරිප්පු කිලෝවක මිල රුපියල් 30.00 කින් පහත වැටි තිබේ. ඒ අනුව රුපියල් 360.00 ක් ලෙස පැවති පරිප්පු කිලෝවක මිල රු:330.00 ක් ලෙස සංශෝධනය වී ඇත.
ආනයනික සුදු සිනී කිලෝවක මිල තවදුරටත් පවතින්නේ රුපියල් 215.00 ක් ලෙසයි. මේ වන විට තොග වෙළෙඳපොළේ ආනයනික අල කිලෝවක මිල රුපියල් 100.00 ක් සහ බී ලූනු කිලෝවක මිල රුපියල් 110.00 ක් ලෙස පවතී.
කෙසේ වෙතත් රුපියල් 215.00 ක් ලෙස පැවති තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 230.00 දක්වා ඉහළ ගොස් ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
255 Views
Comments