ගෝඨාභය අනාගත්තේ වැරදි උපදෙස් නිසා - බන්දුල කියයි

බදු අඩු කරන ලෙස කියමින් විවිධ පුද්ගලයින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදුන් වැරදි උපදෙස් නිසා එතුමා සිය බලය අහිමි කර ගත් බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා සිටී.
මෙම නොසැලකිලිමත් තීරණය නිසා පසුගිය වසරේ රාජ්‍ය බදු ආදායම බරපතල ලෙස පහත වැටුණු බවත් ක්‍රමානුකූලව රාජ්‍ය ආදායම වැඩි කර ගත යුතු අවස්ථාවක එසේ නොකිරීම හේතුවෙන් රට විනාශය කරා ගමන් කළ බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට යාම හැර මෙම අර්බුදය විසඳා ගැනීමට වෙනත් මගක් නොමැති බව ද අවධාරණය කර සිටි ඒ මහතා, එළඹෙන සැප්තැම්බරයේ දී බංග්ලාදේශය විසින් ලබා දී ඇති විදේශ ණය ආපසු ගෙවිය යුතු බවද සිහිපත් කළේය.
192 Views
Comments