අරගලයේ පිරිසක් කොළඹ තරු හෝටලයක බලෙන් රැඳී සිටියා? පොලිසියෙන් විමර්ශන
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
01

අරගලයේ පිරිසක් කොළඹ තරු හෝටලයක බලෙන් රැඳී සිටියා? පොලිසියෙන් විමර්ශන

අරගලයේ පිරිසක් කොළඹ තරු හෝටලයක බලෙන් රැඳී සිටියා? පොලිසියෙන් විමර්ශන

ගෝල්ෆෙස් අරගල භූමියට පැමිණ සිටි සංවිධානාත්මක පිරිසක් එම ප්‍රදේශයේ සුපිරි හෝටලයක කාමර කිහිපයක බලහත්කාරයෙන් නවාතැන් ගත් බවට ලැබී ඇති තොරතුරු මත පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 

මෙම පිරිස හෝටල් කළමනාකාරීත්වයට තර්ජනය කර ඔවුන් බිය ගන්වා එහි කාමර දෙකක දින ගණනාවක් රැඳී සිටි බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.

 

මෙම සංවිධානාත්මක පිරිසට ඇති බිය නිසා හෝටල් කළමනාකාරීත්වය මේ වනතුරුත් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ඉදිරිපත්වී නොමැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

 

එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කියා සිටියේ අරගලකරුවන් ගාලු‍මුවදොර පිටියේ ඉතාම දුෂ්කරව කාලය ගත කරද්දී මෙම සංවිධානාත්මක පිරිස සුපිරි හෝටලයකට වී මත්පැන් පානය කරමින් ආහාර ගනිමින් ඉතාම සුඛෝපභෝගීව ගත කර ඇති බවයි.

 

සී. සී. ටී. වී. දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනාගැනීමට කටයුතු කරමින් සිටින බවත් පොලිසිය පවසයි.

views

295 Views

Comments

arrow-up