සියලු අමාත්‍යාංශ ඒකතු වී ආහාර සුරක්ෂිතතා කැබිනට් අනු කමිටුවක් පිහිටුවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
18

සියලු අමාත්‍යාංශ ඒකතු වී ආහාර සුරක්ෂිතතා කැබිනට් අනු කමිටුවක් පිහිටුවයි

සියලු අමාත්‍යාංශ ඒකතු වී ආහාර සුරක්ෂිතතා කැබිනට් අනු කමිටුවක් පිහිටුවයි

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී ආහාර අර්බුදයට පිළියම් සෙවීමට සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ වී ආහාර සුරක්ෂිතතා කැබිනට් අනු කමිටුවක් පිහිටුවිය යුතු බවට තීරණය වී ඇත.

 

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම තීරණය කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී ගෙන ඇති බවයි.

 

කෝප් කමිටු සාමාජිකයෝ පෙන්වා දුන්නේ දැනට පවතින ආහාර අර්බුදයට මුහුණදීමට වගකිව යුතු ආයතන සියල්ල ඒකතු කර ගනිමින් ඉක්මන් ක්‍රියාමාර්ග ගැනිම, එම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පසුවිපරම් කිරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීමට මෙම කමිටුව පිහිටුවීම ඉතා වැදගත් වන බවයි.

 

සාර්ක් ආහාර බැංකුව සහ ලෝක ආහාර වැඩසටහනේ සහයෝගය මෙම ආහාර අර්බුදයෙන් ගැලවීම සඳහා ලංකාවට ලබා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.

views

240 Views

Comments

arrow-up