විදුහල්පති නොපැමිණි පාසලේ ඉබියතුරු කඩා ගුරුවරයෙකු පාසල ආරම්භ කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

විදුහල්පති නොපැමිණි පාසලේ ඉබියතුරු කඩා ගුරුවරයෙකු පාසල ආරම්භ කරයි

විදුහල්පති නොපැමිණි පාසලේ ඉබියතුරු කඩා ගුරුවරයෙකු පාසල ආරම්භ කරයි

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසාදමා තිබු රත්කරවිව, මාලිගාතැන්න ප්‍රාථමික විද්‍යාලය ආරම්භ කිරිමට විදුහල්පතිවරයා නොපැමිණිම හේතුවෙන් ගුරුවරයෙකු පාසල් ප්‍රධාන දොරටුවේ ඉබි යතුරු කඩා ළමුන් ඇතුලත් කර අධ්‍යාපන කටයුතු ආරම්භ කළේය.

 

අද(21) දින සිට ළමුන් 200 අඩු පාසල් විවෘත කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.

 

වැලිමඩ මාලිගාතැන්න ප‍්‍රාථමික විද්‍යාලයේ ගුරුවරයෙකු වන වැලිමඩ ඌවපරණගම ගුරු එකමුතුවේ සභාපති ජී. එම් .පී .එන්. ගජසිංහ මහතා ප්‍රධාන දොරටුවට යොදා තිබු ඉබියතුරු යකඩ ඉන්නක් භාවිතාකර කඩා දමන ලදි.

 

අනතුරුව සේවයට පැමිණි ගුරුවර ගුරුවරියන් 04 දෙනකු සමඟ ආගමික වතාවත් සිදුකරමින් ඉගැන්විම් කටයුතු ආරමිභ කිරීමට කටයුතු කළේය.  

 

වැලිමඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දුරකථනය මගින් දැනුවත් කිරීමෙන් පසුව ඔහු මේ ආකාරයට ඉබි යතුරු කඩා පාසලේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර ඇත.

 

පාසලේ ආරක්ෂාවට දමා තිබු ඉබි යතුරු කඩා ප්‍රධාන දොරටුව බලහත්රකායෙන් විවෘතකර ඇතුලූවිමට එරෙහිව එහි විදුහල්පති ඩබිලිව්. එම්. ගුණවර්ධන මහතා පොලිසිය පැමිණිල්ලක් කර තිබේ.

views

831 Views

Comments

arrow-up