රෝග සුවකරන මුවාවෙන් කෝටිපති නිවසකට සුද්දයක් දුන් යකැදුරා මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
29

රෝග සුවකරන මුවාවෙන් කෝටිපති නිවසකට සුද්දයක් දුන් යකැදුරා මාට්ටු

රෝග සුවකරන මුවාවෙන් කෝටිපති නිවසකට සුද්දයක් දුන් යකැදුරා මාට්ටු

විශ්ව ශක්තියෙන් රෝග සුවකරන මහා බලයක් ඇති බව පවසමින් පුරා පැය හයකට ආසන්න කාලයක් කෝටිපති ව්‍යාපාරික නිවසක විදුලිය විසන්ධි කර නිවැසියන් මුලාකරමින් රුපියල් මිලියනයකට ආසන්න රන් භාණ්ඩ ඇතුළු දේපල සොරාගත් යකැදුරකු බව කියන පුද්ගලයෙකු පන්නිපිටිය ඇරැව්වලදි අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

 

තලවතුගොඩ හෝකන්දර ප්‍රදේශයේ පුද්ගලයෙකු මිතුරෙකුගේ මාර්ගයෙන් මෙම වංචාකාරී පුද්ගලයාව හඳුනාගෙන ඇති අතර රෝගීව සිටින ව්‍යාපාරිකයාගේ පියාව සුවපත් කිරීමේ අරමුණින් පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ පවත්වාගෙන යන දේවාලය කරා මිතුරා සහ මව සමඟ මීට මාස කිහිපයකට පෙර ගොස් තිබූ බව පොලිසිය කියයි.

 

එම අවස්ථාවේදී ශාන්තිකර්මය කිරීම සඳහා රුපියල් එක් ලක්ෂ විසිදහසක මුදලක් ඉල්ලා තිබෙන අතර ව්‍යාපාරික නිවැසියන් එම මොහොතේම රුපියල් 58,000ක අත්තිකාරම් මුදලක් ලබාදී තිබු බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

 

පසුගිය මැයි මස 22 වන දින ශාන්තිකර්මය කිරීම සඳහා සැකකාර යකැදුරා කාලි මෑණියන් ආරූඪ වන බව කියන එම පුද්ගලයාගේ නැගණිය ඇතුළු මව හා පියාද සමඟ හෝකන්දර නිවසට ගොස් මෙම වංචාව සිදු කර ඇතැයි පොලිසිය පවසයි.

views

886 Views

Comments

arrow-up