හුස්ම ගන්න ශක්තිය දෙන්න “ශක්ති” එයි

ඉන්දීය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා අගෝස්තු 17 දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත් වූ ශක්ති නෞකාව අගෝස්තු 18 පස්වරුවේ ඉන්දියාවේ චෙන්නායි වරායට ලඟා වූ අතර, එම සායනික ඔක්සිජන් තොගය රැගත් ශක්ති නෞකාව අද අළුයම චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වී තිබෙනවා
එමෙන්ම, තවත් සායනික ඔක්සිජන් තොගයක් රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් සංග්‍රාමික යුද්ධෝපකරණ සහ සැපයුම් ප්‍රවාහනය සඳහා යෝදාගනුලබන ශක්ති නම් නෞකාවක්ද ඉන්දියාවේ විශාඛාපට්නම් වරායෙන් ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාව බලා පිටත් වූ අතර, ඔක්සිජන් රැගත් මෙම නෞකාවන් අගෝස්තු මස 22 වන දින සවස සහ 23 උදෑසන කොළඹ වරායට සේන්දු වීමට නියමිතයි
ඉන්දීය රජයෙන් ඇනවුම් කරන ලද සායනික ඔක්සිජන් නාවික හමුදාව මඟින් මෙරටට රැගෙන ඒමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං සමඟ සෘජුවම සිදු කළ සාකච්ඡාවක ප්‍රතිපලයක් වශයෙන්, දෙරටේ නාවික හමුදාවන් අතර ඇති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින් මෙලෙස ඉන්දියානු නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව ද මෙරටට සායනික ඔක්සිජන් රැගෙන ඒම සඳහා එක්වුණා.
තවද, මෙම සේවාව අවශ්‍යතාවය අනුව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය දායකත්වය ඉදිරියටත් නොපමාව ලබා දිමට නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටිනවා
748 Views
Comments