AUG
27
පන්නිපිටියේ දී ත්‍රීරෝද රථ අනතුරක්

පන්නිපිටිය කලල්ගොඩ ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් පාලනයෙන් ගිලිහී ගොස් මාර්ගයේ පෙරලී අනතුරකට ලක්ව තිබේ.
ත්‍රිරෝද රථයේ රියදුරු ත්‍රිරෝද රථයට යට වී ඇති අතර එහි ගමන් ගත් කාන්තාවක් සුළු තුවාල ලබා තිබේ.
කෙසේ වෙතත් අසල සිටි පිරිස් එක්ව ඔවුන්ව ත්‍රීරෝද රථයෙන් ඉවතට ගෙන ඇත.
අනතුරින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.
මංතීරු වෙන්කිරීම සඳහා මාර්ගයේ මැද ඉදිකර තිබූ කෙටි බැම්මක මෙම ත්‍රිරෝද රථයේ ගැටී ඇති අතර ඉන්පසුව ත්‍රිරෝද රථය පෙරළී ගොස් කෙටි දුරක් ධාවනය වී නතර වී ඇත.
246 Views
Comments