“මහ නා හිමිවරු විධායක ජනාධිපති ධුරය අවශ්‍ය බව කිව්වා” - ඇති රොෂාන්

විධායක ජනාධිපති ධුරය රටට අවශ්‍ය බව මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන්ගේද ස්ථාවරය බව අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
ඔහු ඒ බව පැවසුවේ අස්ගිරි මල්වතු මහ නා හිමිවරුන් බැහැ දැකීමෙන් පසු මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමිනි.
මෙරට “ජනවාර්ගික රටක්” වන බැවින් එය අකුලා ගැනීමට කටයුතු නොකරන ලෙසට උන්වහන්සේලා ඉල්ලීමක් කළ බවත් ඔහු සඳහන් කළේය.
විධායක ජනාධිපතිධූරය ඉවත් නොකොට කොමිෂන් සභා වැනි යෝජනා ක්‍රියාත්මක කළ යුතු බව තමාද විශ්වාස කරන බව ඔහු පෙන්වා දුන්නේය.
මෙරට රාජ්‍ය නායකයා තෝරාගත යුත්තේ රටේ ජනතාව මිස පාර්ලිමේන්තුව විසින් නොවන බවත් ඔහු කියා සිටියේය.
21වන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බවට මෙරට ජනාධිපතිවරයා ජාතිය අමතමින් පවසා සිටියත් තම විධායකධූරය අත්හැරීමට ඔහු තවම සූදානම් නොමැති බව දක්නට තිබේ.
251 Views
Comments