ඉන්ධන ගේන්න සල්ලි නැතුව ආණ්ඩුව ඉන්දියාවෙන් ණය ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
17

ඉන්ධන ගේන්න සල්ලි නැතුව ආණ්ඩුව ඉන්දියාවෙන් ණය ඉල්ලයි

ඉන්ධන ගේන්න සල්ලි නැතුව ආණ්ඩුව ඉන්දියාවෙන් ණය ඉල්ලයි

ඉන්ධන ආනයනය කිරීම සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා දීමට එකඟ වී ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

 

සභාපතිවරයා සඳහන් කළේ, ඒ සඳහා මෙතෙක් ගිවිසුමකට පැමිණ නොමැති බවත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බවත් ය.

 

මුදල් අමාත්‍යංශය, බලශක්ති අමාත්‍යංශය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය ඒකා බද්ධ වී මෙහි අවසන් කටයුතු මේ වන විට සිදු කෙ‍රමින් යන බව ඔහු ප්‍රකාශ කළේ ය.

 

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ළඟදී ම එම මුදල් මෙරටට ලැබීමට නියමිත බව ය.

 

මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, රටේ පවතින දැඩි විදේශ විනිමය අර්බුදය මධ්‍යයේ ඉන්ධන මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ඉල්ලා ඇති බව ය.

 

රට තුළ දැනට ඇති ඉන්ධන ප්‍රමාණවත් බවට සහතික කළ හැක්කේ, එළෙඹෙන ජනවාරි මාසය දක්වා පමණක් බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කළ අනතුරු ඇඟවීමෙන් පසුව මෙම පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

 

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩොලර් බිලියන 3.3කට ආසන්න මුදලක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ණය බව ය.

views

828 Views

Comments

arrow-up