SEP
17
වර්ජනය නොකරන ගුරුවරුන්ට තර්ජනය කරන අයට වැඩ වරදී

මේ දිනවල ක්‍රියාත්මක වන ගුරුවෘත්තිය සමිති ක්‍රියාමාර්ග වලට සහභාගි නොවී දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන ගුරුවරුන්ට ඕනෑම අයෙකු කුමන හෝ ආකාරයකින් තර්ජනයක් කලහොත් ඒ පිළිබඳව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි.
මේ සඳහා 119 පොලිස් හදිසි ඇමතුම් අංකය භාවිතා කළ හැකියි.
එලෙස තර්ජනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ පොලිස්පති වරයා දැනුම් දී තිබෙනවා.
666 Views
Comments