රන්ජන් හිරේදී සියදිවි නසා ගන්න යයි - මානසිකව වැටිලාලු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මේ වන විට රඳවා සිටින අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව වාර්තා වනවා.
මේ වන විට ඔහුගේ මානසික තත්වය දැඩි ලෙස කඩාවැටීමට ලක්වී ඇති බව සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් සාකච්ඡා කර තිබෙනවා.
මේ තත්ත්වය මත ජනාධිපතිවරයාගෙන් කෙසේ හෝ සමාව ඉල්ලා දෙන්නයි ඔහු විසින් කරන ලද ඉල්ලීම පිළිබඳව විපක්ෂනායකවරයා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තිබෙනවා.
මේ වන විට ජනාධිපතිවරයා කළ දැනුම් දීමට අනුව රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා විසින් ජනාධිපති සමාව ඉල්ලා ඔහුගේ අත්සනින් යුතු ලිපියක් ද සජිත් ප්‍රේමදාස මහතාට භාරදී තිබෙනවා.
කෙසේ නමුත් මෙම ලිපිය තවමත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලැබී නොමැති බව ද වාර්තා වනවා.
- Lanka C News
1181 Views
Comments