බේරුවල ධීවර වරාය වසයි – 10කට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
23

බේරුවල ධීවර වරාය වසයි – 10කට කොරෝනා

බේරුවල ධීවර වරාය වසයි – 10කට කොරෝනා

බේරුවලින් පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොලට මසුන් රැගෙන ගියලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි බේරුවල ධීවර වරායේ කලමණාකාර එඩ්වඩ් දයාමාල් අද (23) තහවුරු කර සිටියා.

 

 

ඊයේ (22) බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 100 දෙනෙකු සදහා සිදුකල පී සී ආර් පරීක්ෂණ වලින් එය තහවුරු වූ බව බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය සඳහන් කර සිටියේ.

 

 

ඇතිවූ මෙම තත්ත්වය හේතුවෙන් අද දිනයේ සිට බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති බවයි වරාය කලමනාකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

 

 

views

797 Views

Comments

arrow-up