ගිණුම්වල තියෙන ඩොලර් ඉබේම රුපියල් කරන ආණ්ඩුවේ අලුත් නීතිය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ අපනයන ආදායම් රුපියල්වලට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති රීතින් අවලංගු කරමින්, 2021 ඔක්තෝම්බර් 28 දිනැති අංක 2251/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති පරිදි නව රීති නිකුත් කර තිබෙනවා.
එම නව රීති ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනකරුවන් හා සේවා අපනයනකරුවන් යන දෙපිරිසටම අදාළ වන බවයි මහ බැංකුව වාර්තා කර සිටින්නේ.
නව රීතිවලට අනුව, පහත සඳහන් අවසරලත් ගෙවීම් සඳහා භාවිතයෙන් අනතුරු ව, අපනයන ආදායමෙන් ඉතිරි වූ ශේෂය එළඹෙන මාසයේ හත්වන (7) දින හෝ ඊට ප්‍රථම, ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කළ යුතු වේ.
ජංගම ගනුදෙනු සඳහා වන ප්‍රතිමුඛ ප්‍රේෂණ;
අනුමත කර ඇති පරිදි විදේශ මුදල් නෝට්ටු ආපසු ලබා ගැනීම;
විදේශ ව්‍යවහාර ණය මුදල් ආපසු ගෙවීමේ වියදම් සහ ණය වාරික;
එක් මසක වගකීම් ද ඇතුළත් ව භාණ්ඩ මිලදී ගැනීම හා සේවා ලබා ගැනීම;
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජන සඳහා, එම ලබන්නා වූ අපනයන ආදායමෙන් සියයට දහයක් (10%) දක්වා කරන ගෙවීම්
මෙම රීති නිකුත් කිරීමත් සමඟ අපනයනකරුවන්ට තම අපනයන ආදායමෙන්, භාණ්ඩ හා සේවා අපනයනයන්ට අදාළ සියලු වියදම් පියවා ගැනීමට හැකි වේ.
845 Views
Comments