බස් රථයකට යට වී තරුණයෙක් මරුට - තවත් අයෙකුට බරපතලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
13

බස් රථයකට යට වී තරුණයෙක් මරුට - තවත් අයෙකුට බරපතලයි

බස් රථයකට යට වී තරුණයෙක් මරුට - තවත් අයෙකුට බරපතලයි

හැටන් නගරයේ දී පෞද්ගලික බස් රථයකට යට වීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

 

ඊයේ පස්වරු 2.30ට පමණ මෙම අනතුර සිදුවී තිබෙන අතර අධික වේගයෙන් පැමිණි බස් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයකු සහ තරුණියක අනතුරට ලක් කර තිබෙනවා.

 

අනතුරින් මියගොස් ඇත්තේ නෝවුඩ් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්. තුවාල ලැබූ තරුණිය මේ වන විට දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇයගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

 

බස් රථයේ රියැදුරු හැටන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

views

678 Views

Comments

arrow-up