පළාත් රැසකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි - අකුණු අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
09

පළාත් රැසකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි - අකුණු අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස උපදෙස්

පළාත් රැසකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි - අකුණු අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස උපදෙස්

මධ්‍යම,සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50ක පමණ තරමක තද වැසිද ඇති වේ.

 

නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

 

මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වාවන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

ත්‍රිකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසිඇති වියහැක. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමා එයි.

 

සුළගේවේගයපැ.කි.මී. (20-30) පමණවේ. කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45දක්වා වැඩිවිය හැක.

 

මන්නාරම සිට පුත්තලම හරහා මිගමුව දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

 

මිගමුව සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

630 Views

Comments

arrow-up